There’s no age limit to become a victim of a cancer. What does it feel like to live knowing that you will die of cancer within next two months?
This situation is magnificently fabricated in the movie “My life Without Me” adopted by Spanish film director Isabel Coixet which is based on the short story “Pretending the Bed is a Raft” by Nanci Kincaid. This movie is one the most heart-warming things in my life as a Cinephile.
Ann (Sarah Polley) is the main protagonist, and she is a hard- working 23-year-old mother with two small daughters and married to an unemployed husband (Scott Speedman). She has not seen her father for ten years since he went to the jail. Her mother sees Ann as an unusual, different type of a person. So, the whole story is about Ann’s life which highlights how the cancer affects and changes her routine.
Ann has to work hard to bear the burden of the family. Although their economic level is low, they lead a happy life. But one woeful day, on a medical checkup, she gets to know that she has ovarian cancer which has reached her stomach and beginning to spread around the liver. With her demise scheduled, all her hopes begin to crumble down at that moment. The only concern on her mind was about her daughters and it shows her caring nature as a mother. She decides not to reveal her condition, and she covers it up by claiming she was just anaemic. She begins to reflect on her past years and resolves on a to-do list before she dies.
Though she is about to die within a couple of months, she prioritizes on her family. She kept working hard and lets them feel her love even more. Ann records birthday messages for her two daughters every year until they turn 18 and she arranges her husband with another woman.
Besides prioritizing her family, she takes her time to indulge in things she always wanted to do. She goes to meet her father, tries new hairstyles and wants to know how it feels to be in a relationship with someone other than her husband.
As a whole when considering about Ann’s character, she is a woman who bears up all the sufferings by herself and dedicates herself for the sake of her family. Throughout this touching story, Ann never succumbs to self-pity. It’s true, dying is unexpected but she faces it head-on.
“My life without me” the title by itself conveys the idea that Ann considers her family as her life; and how they would eventually have to lead a life without her. Isabel Coixet used Ann’s character as the symbol of the real society and gives a precious message to the audience by telling them how important it is to be mentally strong even when things are hopeless.
පිළිකාවක ගොදුරක් වීමට වයස්සීමාවක් නොමැත. ඔබ පිළිකාවක බලපෑම නිසා ඊලඟ මාස 2 තුළ මිය යන බව දැනගෙන ජීවිත් වන විට දැනෙන හැඟීම මොන වගේද?
ස්පාඤ්ඤ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන Isabel Coixet විසින් මෙම තත්වය ” My life without me ” යන චිත්‍රපට තුලින් අපූරුවට ගෙත්තම් කර තිබෙන අතර මේ සඳහා Nanci Kincaid ගේ කෙටිකතා සංග්‍රහයක් වන “Pretending the Bed is Raft ” පාදක වී තිබේ. චිත්‍රපට කෙරෙහි අතිශය කැමැත්තක් දක්වන පුද්ගලයෙකු ලෙස, මා නරඹා ඇති චිත්‍රපට අතුරින් ඉතා සංවේදී චිත්‍රපටයක් ලෙස මෙය හැඳින්විය හැකිය.
ප්‍රධානම චරිතය Ann (Sara Polly)වන අතර ඇය වෙහෙස මහන්සි වී වැඩ කරන අවුරුදු 22 ක් වයසැති කුඩා දියණියන් දෙදෙනෙකුගේ මවක් වන අතර ඇගේ ස්වාමිපුරුෂයා ( Scott Speedman )රැකියා විරහිත වූවෙකි. ඇය ඇගේ පියාව ඔහු සිරමැදිරියට ගිය පසු අවුරුදු 10 කින් හමු වී නොමැත. ඇයගේ මව ඇයව දකින්නේ අසාමාන්‍ය, වෙනස් ආකාරයේ පුද්ගලයකු ලෙසය. ඉතින් මුලු කතාවම Ann ගේ ජීවිතය පිලිබඳ වන අතර පිළිකාව කෙනෙකුට බලපාන ආකාරය හා එය ඔවුන්ගේ ජීවිතයේ වෙනස්කම් සිදුකරන්නේ කෙසේද යන්න මේ තුළින් ඉස්මතු කර දක්වයි.
Ann හට තම පවුලේ බර දැරීමට දැඩි ලෙස මහන්සි වී වැඩ කටයුතු වල නිරත වීමට සිදු විය. ඔවුන්ගේ ආර්ථික තත්වය පහල මට්ටමක පැවතියත් ඔවුන් සතුටින් කාලය ගත කලහ. නමුත් එක් දිනකදී ඇයට සිදු කල වෛද්‍ය පරීක්ෂණයකින් ඇයගේ ඩිම්බ කෝෂ පිළිකාවක් හටගෙන ඇති බව දැන ගත් අතර එය ආමාශය පැමිණ අක්මාව දක්වා පැතිරීමට පටන්ගෙන තිබේ. ඇය තමා ඉක්මනින්ම මිය යන බව අපේක්ෂා නොකරන්නට ඇත. 23 හැවිරිදි කාන්තාවක් ලෙස ඇගේ සියලු බලාපොරොත්තු බිඳ වැටුණි. ඇයගේ තත්වය පිලිබඳ කිසිවෙකුට නොකියන ලෙස තීරණය කරන අතර ඇයට රක්තහීනතාවය බව පවසමින් එම තත්වය සඟවයි. තමා වෛද්‍ය පරීක්ෂණයේ යෙදී සිටින විට දී පවා තම දරුවන් පිලිබඳ කනස්සල්ලෙන් පසුව සිටින ඇය තුළින් මවක් ලෙස තම දරුවන්ට ඇති ස්නේහය පෙන්නුම් කරයි. ඇය පසුගිය වසරවල ජීවිත් වූ ආකාරය පිළිබඳව සිතන්නට පටන් ගන්නා අතර ඇය මිය යාමට පෙර කල යුතු දේ ලැයිස්තුවක් සාදයි.
ඇය මාස කිහිපයක් ඇතුලත මියයාමට ආසන්නව සිටියදී පවා ඇය තම පවුලට ප්‍රමුඛත්වය ලබා දෙයි. ඇය තම රාජකාරිය දිගටම කරගෙන යන අතර ඔවුන්ට ඇගේ ආදරය තව තවත් දැනෙන්නට ඉඩ හරී. Ann තම දියණියන් දෙදෙනා සඳහා ඔවුන්ට අවුරුදු 18 වන තෙක් උපන්දින පණිවිඩ පටිගත කරන අතර තම ස්වාමි පුරුෂයා සඳහා ගැලපෙන කාන්තාවක් ද සම්බන්ධ කර ගනී.
තම පවුලට ලබා දෙන ප්රමුඛත්වයට අමතරව ඇය කිසි දිනෙක සිදුනොකර තිබූ හා කිරීමට කැමැත්තෙන් සිටි දේවල් සඳහා ද කාලය ගත කරයි. ඇය තම පියා මුණ ගැසීමට යයි. ඇයගේ කොණ්ඩය සඳහා නව විලාසිතාවක් අත්හදා බලයි. තම ස්වාමි පුරුෂයා හැර වෙනත් පුද්ගලයෙකු සමඟ සම්බන්ධතාවක් පවත්වාගැනීම මොන වගේද යන්න පිලිබද දැනගැනීමට ඇයට අවශ්‍ය විය.
සමස්තයක් ලෙස Ann ගේ චරිතය සලකා බලන විට, ඇය සියලු දුක් වේදනා තමා තුළම දරාගෙන පවුල වෙනුවෙන් කැපවෙන කාන්තාවකි. මෙම සිත්ගන්නා සුලු කතාව පුරාම Ann කිසි විටක ආත්ම අනුකම්පාවට ලක් නොවේ. ඇය මිය යන බව සත්‍යයකි. මිය යාම අනපේක්ෂිත වුවත් ඇය එයට මුහුණ දෙයි.
My life without me” මාතෘකාවෙන් ඉස්මතු කර දක්වන්නේ Ann ඇගේ පවුල ඇගේ ජීවිතය ලෙස සලකන බවයි. මා නොමැතිව ඔවුන් ජීවිතය ගත කළ යුතුය යන අදහස මාතෘකාව ව්‍යංගයෙන් ගෙන එයි. Isabel Coixet සැබෑ සමාජයේ සංකේතයක් ලෙස Ann ගේ චරිතය භාවිතා කර තිබේ. ඔබ බලාපොරොත්තු රහිතව සිටියදී පවා මානසිකව ශක්තිමත්ව සිටීම වැදගත් වන්නේ කෙසේදැයි පවසමින් ප්‍රේක්ෂකයන්ට වටිනා පණිවිඩයක් මේ තුළින් ලබා දෙයි .